Monday, January 31, 2022

Ayurvedic medicine for sexual enhancement




ඉපැරණි ආයුර්වේදයේ ලිංගික ශක්තිය වඩවන ඖෂධ සහ ප්‍රතිකාර නැත්තේ මන්දැයි’ පසුගිය දිනෙක මගේ හිතවතෙක් අසා සිටියේය. එහිදී ඔහු කීයේ  සාර්ථක යුග දිවියක් සඳහා ඉවහල්වන අඹු - සැමි සබඳතා සඳහා මනා පිටිවහලක් දෙන බටහිර ඖෂධ බොහොමයක් තිබෙන බවයි. ඒ අතින් මෙතරම් පැරණි ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ඒ සම්බන්ධයෙන් උනන්දුවක් පළ නොකරනුයේ මන්දැයි ඔහු මගෙන් විමසා සිටියේය.


සාර්ථක යුගදිවියක් සඳහා ඉවහල්වන මනා ලිංගික සබඳතාවයක් සඳහා යොදා ගන්නා බව පැවසෙන ‘කාමෝද්දීපක (Aphrodisiac)’පිළිබඳව ලොව පුරා ජනතාව තුළ මහක් කුතුහලයක් සහ උනන්දුවක් පවතී. විශේෂයෙන් පුරුෂ ශක්තිය වර්ධනය වීම සම්බන්ධ ආහාර, ඖෂධ සහ වෙනත් චිකිත්සක ක්‍රම බොහොමයක් ලොව පුරා පවතින බව නොරහසකි. අපගේ බටහිර වෙදකමේද එවැනි දේ ඇති බව පෙනේ.


මෙහිදී පුරුෂයන් සම්බන්ධයෙන් බලපවත්නා ‘ලිංගික බෙලහීනතා (Sexual Dysfunction)’ සේ සැලකෙන ප්‍රධානතම තත්ත්වයන් දෙකකි. එනම් ලිංගික අප්‍රාණිකත්වය සහ ‍ක්ෂණික මෝචනය යන තත්ත්වයයි. මෙම තත්ත්වයන් කායික, මානසික සහ ඒ දෙයාකාරයේම හේතුමත පැනනැගිය හැකි බව මෙතෙක් සිදුකරන ලද සමීක්ෂණයන්ගෙන් තහවුරු වී තිබේ.


කල්ගත වූ දියවැඩියාව ඇතුළු අන්තරාසර්ග පද්ධතියට බලපාන රෝග තත්ත්වයන් නිසා මෙම ඉන්ද්‍රිය අප්‍රාණිකත්වය කායික වශයෙන් හට ගත හැකි අතර ඇතැම් ඖෂධයන්හි අතුරුඵල ආදී වෙනත් හේතූන් මත ද කායිකව මෙම තත්ත්වය බලපෑ හැක.


පිරිමින් තුළ පවතිනා ක්ෂණික මෝචනය නම් තත්ත්වයද පුද්ගලයාගෙන් පුද්ගලයාට සහ අවස්ථානෝචිත ලෙස වෙනස් විය හැකි අතර එය රෝගයක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ICD 10 සංග්‍රහයේ S 52.4අංකය යටතේ ලැයිස්තු ගත කොට ඇත.



ලිංගික ශක්තිය ඇතිවනුයේ මොළයේ ඇති වන අනුරාගී හැඟීම් මත පදනම් වන කායික මානසික ක්‍රියාකාරීත්වය අරමුණු කර ගනිමිනි. එය මොළයේ හෝමෝන ක්‍රියාකාරීත්වය මත පදනම් වන්නකි. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට අඩුවැඩි වශයෙන් බලපාන තත්ත්වයකි.


එහෙත් ලිංගිකත්වයට බලපාන ද්විතීක සාධකය වන කායික මානසික උත්ඡේදන සඳහා ඉපැරණි ආයුර්වේද ඖෂධ මගින් ප්‍රගතිශීලී බලපෑමක් සිදු කළ හැකි බව මේ වන විට බටහිර ඖෂධ නිෂ්පාදකයන්ට පවා අනාවරණය වී තිබේ එබැවින් Herbal යන වචනය භාවිත කරමින් බටහිර ඖෂධ වෙලදපොල ආක්‍රමණය කරමින් සිටී. ඒ ඇතැම් බටහිර ඖෂධ හුදෙක් කාමෝද්දීපනය අරමුණුකොට නිශ්පාදනය වූ ඒවා නොවේ. වෙනත් රෝගාබාධ සඳහා නිශ්පාදනය වන ලදුව එහි අතුරු ඵලයක් වශයෙන් අන්තරාසර්ග පද්ධතිය උත්තේජනයට ලක් කෙරෙන ඒවාය. නිදසුනක් ලෙස ‘පුප්පුසීය රුධිර පීඩනය(Pulmonary Hypertension)’ සඳහා දෙනු ලබන ඇතැම් ඖෂධයක අතුරුපලයක් ලෙස පුරුෂ ඉන්ද්‍රිය ප්‍රාණවත්වීම කෙරෙහි යම් බලපෑමක් සිදුවන බව සොයා ගෙන තිබේ. ඉන්පසු එය ලොව පුරා එවන් තත්ත්වයෙන් පෙළෙන්නවුන් සඳහා ඖෂධයක් ලෙස නියමකරන ලදී. එහෙත් එම ඖෂධ හුදෙක් වෛද්‍ය නියමයන්ට පටහැනිය, ඒවා පාරිභෝජනය නොකර සිටීම යහපත් වේ නැතහොත් ප්‍රථිපල අති බිහිසුණු විය හැක.


එමෙන්ම ඇතැම් ආතති විරෝධී ‍ඖෂධ (Antidepressants)නීරෝගී පුද්ගලයන්ට ලබාදීමේදී අනුරාගී පිබිදීම් වල ඇතිවන පසුගාමී බව මුල්කොට ක්ෂණික මෝචනයට අනියම් ප්‍රතිකාරයක් ලෙස එය ද යොදා ගන්නා අවස්ථා බටහිර වෛද්‍ය ක්‍රමයේ තිබේ. ඒ හැරුණු කොට ශරීරයේ විවිධ ප්‍රදේශ සඳහා ගල්වන නිර්වින්දක ඖෂධ (Anesthetic) ඇතැම් වේදනා නාශක ආදිය යොදා ගැනීමෙන් ඇතිවන ස්නායු සංවේදීතාව අවම වීම මෙම ක්ෂණික මෝචන තත්ත්වයට පිළියම් වශයෙන් සමහරු බටහිර වෙදකමේ යොදති. ඒ එමගින් ලිංගික කාරියේ දී ඇතිවන සතුට සඳහා පදනම් වන ඉන්ද්‍රීය සංවේදීතාව අඩුවන නිසාය.


ඒ කෙසේ හෝ ඉහත සඳහන් කළ පරිදි කායික, මානසික සහ දෙයාකාරයේම පුරුෂ ලිංගික බෙලහීනතා දුරළීම සම්බන්ධයෙන් විද්‍යාත්මක වශයෙන් සායනිකව තහවුරු කළ ප්‍රතිකාර ආරුර්වේද වෛද්‍ය විද්‍යාව සතුව ඇති අතර බොහෝ දුරට විකල්ප වෛද්‍ය ක්‍රම තුළ ඇත්තේ තාවකාලික මුක්කු ගැසීම් වර්ග පමණි.



එහෙත් මා ඉහත සඳහන් කළ අන්දමට ලිංගික ශක්තිය බොහෝදුරට මානසිකත්වය මත පදනම් වන බැවින් එම ඖෂධ වලින් තමන් තුළ ලිංගික ශක්තිය වැඩිවෙතැයි ඇතිවන හැඟීම් මත පදනම් වන ‘තුෂ්ටක බලපෑම (Placebo effect)’ නිසාද ඉන් සාධනීය ප්‍රතිපල ලැබෙන අවස්ථා තිබීමට පුලුවන.


බටහිර වෛද්‍ය විද්‍යාව සතුව පවතින ලිංගික උත්තේජක ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ නොමැති බවට ජන විශ්වාසයක් ඇති වී ඇත්තේ ඒ නිසාය.

[ ... ]

Sunday, January 30, 2022

කාන්තාවන්ගේ යෝනිය පරිස්සම් කර ගන්නනම් මෙය කියවිය යුතුම ළිපියකි

 යෝනිය යනු ස්ත්‍රින්ගේ බාහිර ලිංගික අවයව පිහිටි ප්‍රදේශයයි මෙහි ඇතිවන පිලිකා වර්ගය මදක්දුලබ පිලිකා වර්ගයකි නමුත් 100000 කට දෙදෙනෙකුට මෙම රෝගය වැලදෙන බව සොයාගෙන ඇත



එසේම මෙය වල්වල් කාසිනෝමා යනුවෙන් හැදින්වේ මෙම රෝගය සැදි‍මට නිශ්චිත හේතුවක් තවම
සොයාගෙන නැතත් පහත සදහන් සාධක ඇති අය රෝගය සැදිමට වැඩි නැඹුරුතාවයක් දක්වන බව
සොයාගෙන ඇත රෝගය සැදිමට අවදානම වැඩි කරන සාධක

වැඩිදුර තොරතුරු සදහා http://fumacrom.com/3caF4
[ ... ]

කාන්තාවන් ස්වයං වින්දනය කරන්නේ ...?

   



01. මම පටන් ගන්නම් මොකද්ද ස්වයං වින්දනය කියන තැන ඉදන්. ස්වයං වින්දනය කියන්නේ යම් පුද්ගලයෙක් තමන්ගේ ලිංගික අවයව අතින් හෝ උපකරණයක් භාවිතකරලා තමන්ම ඒවා උත්තේජනය කරගෙන සුරාන්තයක් ලබාගැනීම. සරලව කියනවානම් තමන්ම යවා ගැනීමක්. ඔච්චරයි. සාමාන්‍යයෙන් කාන්තාවක් ලිංගිකව හැසිරීමේදි ආරම්භයේ ඉදන් අවසානය දක්වා - ඒ කිව්වේ සුරාන්තය දක්වා යන රටාවක් තියෙනවා. මේ රටාව පැහැදිලි කරලා ඉන්නම් ඒක දැනගන්න එක වැදගත් ස්වයං වින්දනය කියන්නේ මොකද්ද සහ ඒක කොච්චර වැදගත් වැඩක්ද කියන එක තේරුම් ගන්න. මේ කියන රටාවට අපි කියනවා අදියර 05 ක් තියනවා කියලා. ඒ කොටස් අදියර තමයි 1. Before arousal, 2. Arousal, 3. Plateau, 4. Orgasm, සහ 5. Resolution. මොනවද මේ? Before arousal කියන්නේ සාමාන්‍ය තත්ත්වය. ලිංගිකත්වය ගැන හැගීමක් ඇතිවෙන්නට පෙර යෝනි මාර්ගය සහ යෝනිය තිබෙන ස්වභාවික තත්ත්වය. Arousal අදියර කියන්නේ ලිංගික හැගීමක් ඇතිවෙන අවස්ථාව. මේ අවස්ථාවේදි යෝනිය සහ යෝනි මාර්ගය ආශ්‍රිත රුධිර නාලික පුලුල් වෙලා යෝනිය දිහාවට රුධිර ගමනාගමනය වේගවත් සහ වැඩිවීම, රුධිරය යෝනි බිත්තිවලට ගමන්කිරීම සහ යෝනි ආශ්‍රිත දියර ශ්‍රාවය ආරම්භවීම, ක්ලිටෝරිස් එක සහ යෝනියේ අනිත් කොටස් විශාල වීමකට / නැත්නම් පිම්බීමකට ලක්වීම, සහ යෝනි මාර්ගය පුලුල් වීම වගේ එව්වා මෙව්වා වෙනවා. Plateau අදියරේදි රුධිරය වේගයෙන් සහ අඛණ්ඩව යෝනියේ බාහිර තෝල් වෙත ගලාගෙන යනවා. යෝනිය ආශ්‍රිත ප්‍රදේශ රතු හෝ අදුරු පැහැයක් ගන්නවා ඒ ප්‍රදේශවල රුධිර ගමනාගමනය බහුල නිසා. තව මේ අදියරේදි ක්ලිටෝරිස් එක ඒක වටේ තියෙන ආවරණය (clitoral hood) ඇතුලට ටිකක් විතර කිදාබහිනවා - එහෙම වෙන්නේ එයා අධි සංවේදිවෙලා ඉන්න නිසාත් ලැබෙන ඇගිලි පහරවල් වගේ දේවල් දරාගන්න බැරි තරම් නිසාත්. Orgasm අදියර තමයි ලොකුම එක. ඒකෙදි ලිංගිකත්වය මූලික කරගත් අධික ප්‍රීතියක් දැනීම, බාහිර ලෝකය ගැන තියෙන දැනීම තාවකාලිකව නතරවීම, හිතට ලොකු තෘප්තියක් දැනීම වගේ හැගීම් සහ සංවේදන (Emotions and cognitives) ඇතිවීම සහ යෝනි තොල් හැකිලීම, යෝනිය ආශ්‍රිත සියුම් වේදනාවක් හෝ හිරිවැටීමක් ඇතිවීම, යෝනිය අවට මාංශ පේශි වෙව්ලීමකට ලක්වීම වගේ ශාරීරික සංසිද්දිත් වෙනෝ. Resolution කියන්නේ සියල්ල යථා තත්ත්වයට පත්වෙන අදියර. යෝනිය ආශ්‍රිත ප්‍රදේශවලට රුධිරය ගමනාගමනය සාමාන්‍ය වෙලා හැම දේම කලින් තිබුන තත්ත්වයට ඒ කියන්නේ ආපහු Before arousal තත්ත්වයටම යනවා. 

ඉතින් ඔය කියපු ඔක්කෝම තමන් තනිවම තමන්ගේ ඇගිලි හෝ වෙනත් ඒ වගේ උපකරණයක් භාවිතකරලා සිදුකරගැනීම තමයි ස්වයං වින්දනයේදි වෙන්නේ. 


02. ගෑණු ළමයි ස්වයං වින්දනයේ යෙදීම සාමාන්‍ය දෙයක්ද? 



උත්තරය ඔව්. ලෝකය පුරා කරපු පරීක්ෂණවලින් හොයාගෙන තියෙනවා සාමාන්‍යයෙන් ගැහැණුන් 4 දෙනෙක්ගෙන් 3 දෙනෙක්ම මේ විදියට ස්වයං වින්දනය කරනවා කියලා. බටහිර රටවලනම් ගැහැණු ළමයි පිරිමි ළමයින් තරම්ම ඉක්මනින් ස්වයං වින්දනයට යොමු වෙනවා - ඒ කියන්නේ වයස අවුරුදු 11  - 14 කාලෙය්දි පවා. ලංකාව වගේ ගෑණු ළමයි ගේ මුල්ලේ හෝ ලිප ලග තියලා හදන සමාජවල මේක වෙනස් වෙන්න පුලුවන්. මෙහේ ගෑණු ළමයි එහේ ගෑණු ළමයි තරම් ස්වයං වින්දනයට යොමු වෙන්නේ නැතිව ඇති. ඒත් ඒකට හේතුව ලොකු ළමයෙක් වුන දවසේ ඉදන්ම ඔයාලාට දීලා තියෙන වැරදි ලිංගික අධ්‍යාපනය මිසක් ඔයා අසාමාන්‍ය ගෑණු ළමයෙක් හෝ අනෙක් ගෑනු ළමයින්ට වඩා නරක ගැහැණු ළමයෙක් වීම නෙවෙයි හොදේ.  


එතකොට ස්වයං වින්දනය නිසා ඔයාගේ වර්ජිනිටි එක නැති වෙන්න පුලුවන්ද? 


මම මෙහෙම උත්තර දෙන්නම්. වර්ජිනිටි එක කියන්නේ physical හෝ medical දෙයක් නෙවෙයි. ඒක cultural දෙයක්. ඒක තියෙන්නේ ඔයාගේ හිතේ. ඒ නිසා ඔයා ස්වයං වින්දනයේ යෙදුනා කියලා ඔයාගේ වර්ජිනිටි එක නැති වෙන්නේ නෑ. ඔයා හොද ගෑණු ළමයෙක්. එතකොට ස්වයං වින්දනය නිසා ඔයාගේ කන්‍යා පටලයට නැත්නම් vaginal corona එකට හානි වෙන්න පුලුවන්ද? කොරෝනා කිව්වේ අර ලෙඩේ නෙවෙයි. ඒක Hymen කියන එකට යෙදෙන වෙනස් විද්‍යාත්මක වචනයක්. (මේ vaginal corona කියන යෙදුම 2009 දි භාවිතයට ගෙනාවේ කන්‍යා පටලය හා බැදුණ නොයෙක් අවිද්‍යාත්මක මත සමාජයෙන් ඉවත් කරන්න ඕනේ කියලා හිතපු ස්වීඩන් කණ්ඩායමක්). ඒකට උත්තරේ ඔව් ඔයා යෝනිය ඇතුලට ඇගිලි හෝ වෙනත් උපකරණයක් ඇතුල් කරොත් එහෙම වෙන්න පුලුවන්. හැබැයි මොකද්ද දන්නවද වැඩේ? ස්වයං වින්දනය කියන්නේ ඒ විදියට යෝනිය ඇතුලට මොකක් හරි දෙයක් දාගන්නේ නැතිව වුනත් කරන්න පුලුවන් ජොලිම ජොලි වැඩක්. ඒ නිසා ඇතුලට දාගන්න එක පස්සට තියලා මේක කරන්න (පස්සට කිව්වේ පස්සේ කාලෙක). 


03. එතකොට ස්වයං වින්දනය නිසා ඔයාට ලෙඩ රෝග හැදෙන්න පුලුවන්ද? 


ඔව් පුලුවන්. ඔයා ස්වයං වින්දනයේ යෙදෙන අවස්ථාව වෙනකොට අත් අපිරිසිදුව තිබුනොත් එහෙම නැත්නම් පාවිච්චිකරන උපකරණ / සෙක්ස් ටෝයිස් වගේ දෙයක් අපිරිසිදුව තිබුනොත් ඒවා හරහා විශබීජ ශරීරගත වෙලා ලෙඩ රෝග හැදෙන්න යම් සම්භාවිතාවයක් තියෙනවා. මේවට අපි කියනවා infections කියලා. නමුත් මතක තියාගන්න යෝනිය සහ යෝනි විවරය ආශ්‍රිතව ආම්ලිකබව ඉතා අධිකයි. එහෙම හැදිලා තියෙන්නේ මේ විවරය හරහා රෝගකාරක බැක්ටීරියා එහෙම ශරීරගතවීම වලක්වන්න. ඒ නිසා ස්වයං වින්දනයකරපු නිසා infection එකක් හැදෙන්න තියෙන්නේ හරිම අඩුම අඩුම අඩු සම්භාවිතාවයක්. ඒ වගේම ස්වයං වින්දනය කරද්දි නියපොතු වැදිලා තුවාල වෙන්න හෝ වේගයෙන් පිරිමැදීම නිසා යෝනිය ආශ්‍රිතව තැලීම් වගේ දේවල් ඇතිවෙන්න පුලුවන්. මේ හැමදේම ඇරුණාම iritations ඒ කියන්නේ ආසාත්මිකතාවයන් ඇති වෙන්න පුලුවන්. ඒ කියන්නේ ඔයා ලුබ්රිකන්ට් එකක් විදියට පාවිච්චි කරන යම් ද්‍රව්‍යයකට ශරීරය ආසාත්මික (Alergic) වීම වගේ දේවල්. එතකොට ස්වයං වින්දනය නිසා සමාජ රෝග ඇතිවෙන්න පුලුවන්ද? පුලුවන් ඔයා ඒ වගේ සමාජ රෝග තියෙන පුද්ගලයෙකුගේ ලිංගික අවයව අල්ලලා ඊට පස්සේ ස්වයං වින්දනය කරොත් විතරක්. නැත්නම් නෑම තමයි. මේ විදියේ දේවල් සිදුවීමේ සම්භාවිතාවය හරිම අඩුයි. ඒ නිසා ස්වයං වින්දන කරා කියලා ලෙඩක් හැදෙන්නේම නෑ කියලා හිතාගත්තත් කමක් නෑ. අනිත් පැත්තෙන් ස්වයං වින්දනය උදව් වෙනවා ශරීරයේ රුධිර ගමනාගමනය කාර්යක්ෂම කරන්න - මේක දායක වෙනවා හෘද රෝග අවම කරන්න.


ස්වයං වින්දනය ශරීරය තුළ සතුට ඇතිකරවන හෝමෝන, ඒ කිව්වේ endorphins වගේ ඒවා (අපි කියනවා මේවට feel good chemicals කියලා) නිදහස් කරනවා. ඒ නිසා ස්වයං වින්දනය stress reliever එකක් (මේවා ගැහැණු පිරිමි දෙපාර්ශවයටම පොදු තත්ත්වයන්). ඒ වගේම ස්වයං වින්දනය කාන්තාවන්ගේ ගැබ්ගෙල ආශ්‍රිත ආසාදන (cervix imfections) වලක්වන්නත් urinary tract infections එහෙමත් නැත්නම් මුත්‍රා ආසාදන වලක්වන්නත් දායක වෙනවා කියන එක පිළිගත් වෛද්‍ය මතයක්. 


04. ස්වයං වින්දනය ශරීරයට හෝ මනසට නරක දෙයක්ද?


නෑ ස්වයං වින්දනය කිසිසේත්ම ශරීරයට හෝ මනසට නරක දෙයක් නෙවෙයි. ඒක ලෝකයේ අති බහුතරයක් පිරිමි සහ ඒ තරම්ම ප්‍රමාණයක් ගැහැණු විසින් කරන සාමාන්‍ය ස්වභාවික සිද්ධියක්. නමුත් මතක තියාගන්න ස්වයං වින්දනයට සීමාවක් තිබිය යුතුයි. ගොඩාක් අය අහන ප්‍රශ්නයක් තමයි කීවතාවක් කරොත්ද ස්වයං වින්දනය නරක කියන එක? පිරිමි ළමයි ගොඩාක් වෙලාවට අහනවා දවසට දෙපාරක් කරනවා වැඩිද? සතියකට මෙච්චර කරනවා වැඩිද කියලා. පිරිමි ළමයින්ටවත් ගැහැණු ළමයින්ටවත් මට මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න බෑ. ස්වයං වින්දනය කරන සීමාව තීරණය වෙන්න ඕන ඔබේ වයස, දවසේ කරන වැඩ සහ ඔබට ඇත්තටම ලිංගිකත්වය අවශ්‍යද කියන ප්‍රශ්න උඩ. ඔබ තරුණ වයසේ ඉන්න කෙනෙක්නම් ලිංගිකත්වය ගැන උනන්දුව හෝ උත්තේජනය වැඩියිනම් සාපේක්ෂව ස්වයං වින්දනය කරන්න අවශ්‍යවන වාර ප්‍රමාණය වැඩිවෙන්න පුලුවන්. එහෙම වැඩි වුනා වුනත් ඔයා ස්වයං වින්දනය පුරුද්දක් කරගෙන හෝ ඒ නිසා තමන්ගේ වැඩ පාඩු කරගන්නේ නැත්නම් ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ඔයාගේ ජීවිතය විදින්න තියෙන එකම දේ ස්වයං වින්දනය විතරයි වගේ හිතාගෙන ඒකම කර කර ඉන්න එපා. ක්‍රීඩාව, චිත්‍රපට බැලීම, පොත්පත් කියවීම වගේ වැඩුණු පරිණත ගැහැණු ජීවිතයක විනෝදය වෙනුවෙන් තියෙන අනිත් ක්‍රම අතරේ මේකත් එකක් කරගන්න. 


05. තවත් පැත්තකින් බැලුවම ස්වයං වින්දනය කියන්නේ investment එකක්. ඒක මෙහෙමයි. කවදාවත් ස්වයං වින්දනය අරමුණු කරගෙන තමන්ගේ ඇගේ තැනක් අල්ලලා මිරිකගෙන නැති ගෑණු ළමයෙක්ගේ කසාදයක් ගැන හිතන්න. මේ ගෑණු ළමයා තමන්ගේ ඇග ඇවිස්සිලා පිස්සු වැටිලා යන්නනම් පිරිමියෙක් අල්ලන්න ඕන තැන් ගැන දන්නේ නෑ. තමන්ට සුරාන්තයක් ලැබෙන්නේ කොතනට මොන විදියට කරාමද කියලා එයා දන්නේ නෑ. තමන් වැඩියම ආස රැවුල් කොටවලින් වැහුන තොල් දෙකක් මොන තැන්වලට ටච් වෙනකොටද කියලා ඒ අසරණීට අදහසක් නෑ. බැදපු දවසේ පළවෙනි රෑම එයාට කියලා මෙන්න මෙතන කිස් කරගන්න ඕන වගේ වල් හීන එයාට නෑ. හස්බන්ඩ් කරලා දෙන දෙයක් බාර අරගෙන ඒක තමයි සෙක්ස් කියලා ඉන්නවා. හස්බන්ඩත් එපා වෙනවා කිසිම අලුත් දෙයක් ට්‍රයි කරලා බලන්න ඕන කියන හැගීමවත් වයිෆ්ට නෑනේ අප්පා කියලා හිතුනම. මේ කෙල්ල ජීවිත කාලේම කන්නේ බතුයි අලයි පරිප්පුයි මාලුයි චිකනුයි සැමනුයි පලායි විතරයි. ඒ ඇරුනම ලෝකේ තව එක එක මෙනූස් තියෙනවා ඒවා එක එක රසයි කියලා දන්නෙවත් නැතිව එයා දවසක වයසට ගිහින් මැරිලා යනවා. ස්වයං වින්දනය කියන්නේ අභ්‍යන්තර ලිංගික හැසිරිමක්, එහෙම හැසිරීමකින් කන්‍යාභාවය නැතිකරගැනීමක්, ඒත් නැත්නම් මෙලෝ රහක් නැති වසල පිරිමියෙක්ගේ ඇගට යටවීම වගේ භයානක අත්දැකීම් නැතිව ඔයාගේ ලිංගිකත්වය ගවේෂණය කරන්න අවස්ථාවක්. එහෙම නැත්නම් ඔයාගේ ඇග ලිංගිකත්වයට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න අවස්ථාවක්. අනිත් පැත්තෙන් ලිංගික සම්බන්ධයක් ඇතුලේ ගොඩාක් කාන්තාවන්ට සුරාන්තයක් ඇතිකරගන්න බැරිවෙන්න පුලුවන්. මේක සාමාන්‍ය තත්ත්වයක්. මෙහෙම වෙන්නේ තමන්ට සුරාන්තයක් ලැබෙන්නේ කොහොමද කියන අවබෝධය කාන්තාවට නැති නිසාත්...තමන්ගේ කෙනාට සුරාන්තයක් දෙන්න ඕන කොහොමද කියන එක පිරිමින්ට තේරුම් ගන්න කාලයක් යන නිසාත්. ඒ නිසා ලිංගික සම්බන්ධයක් සාර්ථක වෙන්න තමන්ගේ සිරුර ගවේෂනයකරලා සිරුර ලිංගිකත්වයට ප්‍රතිචාර දක්වන ආකාරය ඉගෙනෙගන ඉදීමත් වැදගත්. 



06. ගැහැණුන් ස්වයං වින්දනය කරන එකේ තියෙන තවත් එක වාසියක් තමයි Menstrual cramps එහෙම නැත්නම් ඔසප් වේදනාවන් අඩුකරගන්න ස්වයං වින්දනය උපකාර වෙනවා කියන එක. මේක මම පුද්ගලිකව දන්න දෙයක්. මේ ඔසප් වේදනා කියන එකත් පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. පිරිමි ළමයිත් කියවන්න දවසක ඔයාලෙග් ජීවිතේ බෙදා ගන්න කෙනා මාසෙකට සැරයක් විදින වේදනාවක් ගැන ඔයාලත් හරියට දැනගෙන ඉන්නම ඕන. ගර්භාෂයේ ඇතුළත බිත්තියේ පිහිටලා තියෙනවා endometrium lining කියලා ස්ථරයක්.. මේ ස්ථරය උඩ තමයි ඩිම්බයක් සංසේචනය වෙලා කලලයක් නිර්මාණය වෙන්නේ. ඒක කලලයකට පෝශක ප්‍රදේශයක්. ඒක හරියට ගහකින් වැටනෙ ඇටයක් පැලවෙන්න සුදුසු පොහොර පිරුණු පොලවක් වගේ. ඒත් ගැබ්ගැනීමක් සිදු නොවුනාම මේ කියන endometrium ස්ථරය කියලා හදුන්වන පෝශක ප්‍රදේශය ගලවලා ඉවත් කරන්නත් එහෙම ඉවත් කරලා අලුත් පෝශක ප්‍රදේශයක් - නැත්නම් අලුත් endometrium ස්ථරයක් හදන්නත් ගැහැණු ශරීරය යොමු වෙනවා. මේ විදියට ඉවත්කරන endometrium ස්ථරය තමයි මාසයකට වරක් රුධිරය සමග යෝනි මාර්ගය හරහා පිට වෙන්නේ. ඒකට තමයි අපි මාසික ඔසප්වීම කියන්නේ. ඉතින් මේ මාසික ඔසප්වීම සිදුවෙන්න නියමිත වුනාම ශරීරය නිදහස් කරනවා Prostaglandin කියලා හෝමෝන වගේ රසායනයක්. මේක අපේ ශරීරයේ හැම පටකයක් ආශ්‍රිතවම නිෂ්පාදනය වෙන රසායනයක්. වැඩේ තියෙන්නේ ඒවා නිදහස් වුනාම ගර්භාෂය යම් ප්‍රමාණයකින් හැකිලෙනවා. එහෙම හැකිලෙන්නේ අර උඩින් කියපු endometrium ස්ථරය ගැලවීම ඉක්මන් වෙන්න. ඉතින් ගර්භාෂයට ඔය වැඩේ සද්දයක් බද්දයක් නැතිව වැඩි කලබලයක් නැතිව කරන්න පුලුවන්නම් හොදයි - ඒත් එහෙම වෙන්නේ නෑ. මොකද අර උඩින් කියපු ගර්භාෂය හැකිලීම වෙද්දි ඒක වේදනයි. ඒකට තමයි ඔසප් වේදනා කියන්නේ. මේ කාලය ගැහැණුන්ට ලොකු වේදනාවක් දැනෙන මානසිකව අසමබර කාලයක්. ඉතින් දැන් උඩින් කිව්වනේ ස්වයං වින්දනය හරහා endorphins කියන හෝමෝනය නිෂ්පාදනය වෙනවා කියලා - මේක අපේ stress එක නැතිකිරීමට අමතරව යම් ප්‍රමාණයකට ශරීරයේ වේදනාව අඩු කරන්නත් දායක වෙන හෝමෝනයක්. ඒ නිසා ස්වයං වින්දනයේ යෙදීම සැලකිය යුතු ප්‍රමාණයකින් ඔසප් වේදනා අඩු කරන්නත් උදව් වෙනවා.


(මේකෙන් අදහස් වෙන්නේ නෑ අසාමාන්‍ය මට්ටමේ අධික ඔසප් වේදනා අවම කරන්න ස්වයං වින්දනය කරන්න කියලා. ඔයාට දරාගන්න බැරි මට්ටමේ ඔසප් වේදනාවන් ඇතිවන අවස්ථාවක වෛද්‍යවරයෙක් හමුවීම අනිවාර්යයි).  



07. දැන් ඔය ගොඩාක් පිරිමි ළමයින්ටනම් තියෙන්නේ එයාලගේ අරක අතගාගෙන යවාගන්න එක විතරනේ. එහෙමද ගෑණු ළමයින්ට. අපිට ස්වයං වින්දනය කරන්න පුලුවන් විදි 05 ක් තියනෝ. ඒවා clitoral, vaginal, anal, combo සහ errogenous zone කියලා නම් කරන්න පුලුවන්. සරලව කියනවානම් ස්වයං වින්දනයේ යෙදෙන්නේ ශරීරයේ මොන කොටස මූලික කරගෙනද කියන එක අනුව තමයි මේ 05 හැදෙන්නේ. Clitoral ස්වයං වින්දනය කියන්නේ නමින්ම කියවෙන විදියට මූලික වශයෙන්ම ක්ලිටෝරිසය එහෙම නැත්නම් ක්ලිට් එක ඇගිලිවලින් / උපකරණයකින් පිරිමැදීම හරහා ස්වයං වින්දනය යෙදීම. මේක කරද්දි ශරීරයේ වෙන තැන් මොකුත් අල්ලන්නේ නෑ ක්ලිට් එකට විතරයි ඔක්කොම සෙල්ලම් කියලා දෙයක් නෑ හොදේ. ඕන තැනක් අල්ලගන්න...නමුත් ඔයා සුරාන්තයක් ලබා ගන්නේ මූලික වශයෙන්ම ක්ලිට් එක සන්තර්පනය කරගැනීමෙන්. Vaginal ස්වයං වින්දනය කියන්නේ යෝනිය ඇගිලිවලින් / අතින් / සෙක්ස් ටෝයි එකකින් සන්තර්පනය කරගෙන ස්වයං වින්දනයේ යෙදීම. Clitoral ස්වයං වින්දනය බාහිරින් වින්දනයක් ලබාගැනීමක් වුනාට Vaginal ස්වයං වින්දනයට යෝනිය ඇතුළට ඇගිලි හෝ වෙනත් යමක් දාගැනීමත් ඇතුළත්.  Anal ස්වයං වින්දනය කියන්නේ ඇගිලි / අත / සෙක්ස් ටෝයි එකකින් තමන්ගේ ගුද මාර්ගය සන්තර්පනය කරගෙන ස්වයං වින්දනයේ යෙදීම. Combo ස්වයං වින්දනයෙදි අවස්ථාවෙන් අවස්ථාව ඔයා ස්වයං වින්දනයට මූලික ඉලක්කය කරගන්නේ ශරීරයේ මොන කොටසද කියන එක වෙනස් වෙනවා. ඒ වගේම පූර්ණ සුරාන්තයක් ලබාගන්න ක්ලිට් එක යෝනිය වගේ අංග කිපයක්ම වරින් වර සන්තර්පනය කරගන්නත් ඕන වෙන්න පුලුවන්. errogenous zone ස්වයං වින්දනය කියන්නේ වෙනස්ම දෙයක්. සාමාන්‍යයෙන් අපි කියනවා ගැහැණුන්ගේ මුලු ඇගම සෙක්ස්වලට උල්පතක් කියලා. ඒ කියන්නේ ගැහැණියකට ලිංගික උත්තේජනයක් ලබන්න පුලුවන් ශරීරයේ ඕනෑම තැනකින් (මේවට අපි කියනවා errogenous zone කියලා). විශේෂයෙන් පියයුරු, තනපුඩු වගේ දේවල් සන්තර්පනයකිරිමෙන්. ඒ නිසාම ලෝකය පුරා ගැහැණු ඉන්නවා එයාලට ස්වයං වින්දනය කරන්න පුලුවන් මේ මොකක් හරි errogenous zone එකක් සන්තර්පනය කරගැනීමෙන්. එහෙම කරන සුලබම විදියක් තමයි පියයුරු සන්තර්පනය කරගැනීමෙන් ස්වයං වින්දනයේ යෙදීම. මතක තියා ගන්න ලෝකයේ ගැහැණුන්ගෙන් ඉතාම සුලු ප්‍රමාණයක් තමයි යෝනිය හරහා ලිංගික තෘප්තියක් ලබන්නේ. ස්වයං වින්දනය වේවා ලිංගිකව හැසිරීම වේවා ගැහැණුන්ට ලොකුම තෘප්තිය ලැබෙන්නේ ක්ලිට් එක සන්තර්පනය වීම හරහා. ඒ නිසා බොහෝ විට ඔයාට ගැලපෙනම ක්‍රමය Clitoral ස්වයං වින්දනය වෙන්න තියෙන ඉඩ ගොඩාක් වැඩියි. 



08. මුල් කාලේ තමන්ට හොදටම ගැලපෙන ස්වයං වින්දන ක්‍රමය හොයා ගන්න වගේම හිතේ තියන ලැජ්ජාව සහ චකිතය පැත්තකින් තියලා ස්වයං වින්දනයට යොමු වෙන්නත් හොදම ක්‍රමයක් තමයි තමන්ගේම සිරුර ගවේෂණයකිරීම. ඔයාගේ කාමරේ හොද ලොකු කණ්ණාඩියක් තියෙනවානම් මේක තමයි ඔය කියන ගවේෂණයට හොදම මාර්ගය. ගෙදර කවුරුවත් නැති වෙලාවට, එහෙම නැත්නම් කාමරේ තමන් තනියම ඉන්න වෙලාවට දොර එහෙම වහලා ඇවිත් මේ කණ්ණාඩිය ඉස්සරහා ටිකක් නිරුවත් වෙලා බලන්න. බලන්න ඒකෙන් පේන ගැහැණු ඇගපත ඉස්සරහා දවසක පිරිමියෙක් අනුරාගී වෙන විදිය, පිරිමියෙක් දවසක ඒ අගපසග සිපගන්න විදිය වගේ දේවල් චුට්ටක් හිතින් මවා ගන්න. එහෙම නැත්නම් සෙක්ස් සම්බන්ධව ඔයාට තියෙන යම් අත්දැකීමක් මතක් කරගන්න. උදාහරණයක් විදියට එදා ෆිල්ම් හෝල් එකේ බැල්කනි එකේ ඉදිද්දි කොල්ලා පිස්සුවෙන් වගේ ඇදුමට උඩින් පියයුරු ඉඹින්න හදපු විදිය මතක් කරගන්න. ඔය අගපසග පිහිටලා තියෙන විදිය ටිකක් අල්ලලා කරලා බලන්න. කණ්ණාඩිය ඉස්සරහා වාඩි වෙලා ටිකක් කකුල් ඈත් කරලා බලන්න. ඔන්න එතකොට ඔයාලට හැගීමක් ඒවි ඒ පේන සමහර තැන් අල්ලලා බලන්න, පිරිමදින්න, ඇගිල්ලෙන් හෝ අතින් අත ගාන්න වගේ දෙයක් කරන්න. මේක තමයි ගැහැණු ළමයෙක් ස්වයං වින්දනයට යොමු වීමේ පළවෙනි පියවර. 


09. දැන් ඊලග ප්‍රශ්නේ තමන්ගේ ක්ලිට් එක හෝ යෝනිය හෝ මේ ඕනම තැනක් සන්තර්පනය කරගන්නේ - ඒ කියන්නේ සරලවම නම් ස්වයං වින්දනය කරන්නේ කොහොමද කියන එක. මේකට එක එක ගෑණු ළමයට එක එක විදි තියෙන්න පුලුවන්. උදාහරණයක් විදියට මට එක් අවස්ථාවක කතා කරන්න ලැබුණ එක් ගැහැණු ළමයෙක් ස්වයං වින්දනය කරන විදිය වුනේ තමන්ගේ කලවා දෙක එක දිගට වේගෙන් ඈත්කිරීම හා ලංකිරීම හරහා යෝනි ප්‍රදේශය දිගින් දිගටම තද කරගැනීම. අතින් හෝ සෙක්ස් ටෝයි එකක් හෝ වෙනත් ආදේශක භාවිත කරලා අදාළ තැන් පිරිමැදීම තවත් ක්‍රමයක්. Humping ඒ කිව්වේ කොට්ටෙක හේ වෙනත් ඒ වගේ සැහැල්ලු දෙයක උඩ වාඩිවෙලා යෝනිය ඒක උඩ ඇතිල්ලීම වගේ ක්‍රමත් තියෙනවා. ඔයා ආස කරන ක්‍රමය තමයි ඔයාට ගැලෙපනම ක්‍රමය. අපි කියනවා clitoral ස්වයං වින්දනය සදහා සුදුසුම ක්‍රමය ඇදක හාන්සිවෙලා ඉන්න ඉරියව්වෙන් හිදිමින් ක්ලිට් එක වටේ සහ ඒ මත තමන්ගේ ඇගිලිවලින් නිශ්චිත රටාවකට අතුල්ලා ගැනීම. අපි ගැහැණු පිරිමි අය දෙගොල්ලන්ටම කියන දෙයක් තමයි හොද ස්වයං වින්දනයක් ලබා ගන්න තමන්ට නුහුරු අත පාවිච්චි කරන්න කියලා. ඒ කිව්වේ ඔයා දකුණත හුරු කෙනෙක් නම් වම් අත පාවිච්චි කරන්න. මේකෙන් ඔයාට නුහුරු බවක් එහෙම නැත්නම් අදාල ලිංගික සන්තර්පනය වෙන කෙනෙක්ගෙන් ලැබෙන බවක් දැනේවි. ඒක හරි ෆවර්ෆුල්. ඒ වගේම vaginal ස්වයං වින්දනය කරන්න පහසුම ඉරියව්ව තමයි ඇදිනැති පුටුවක වාඩිවෙලා කරන එක, නැත්නම් ඇදේ දණ නමාගෙන තමන්ගේ කකුල් උඩ වාඩිවෙලා අත පාවිච්චිකරීම. ඔයා ආස anal ස්වයං වින්දනයටනම් වඩාත්ම පහසු ඉරියව්ව වේවි මුනින් අතට ඇදේ හාන්සි වෙලා ඔයාගේ පස්ස පැත්ත උඩට උස්සගෙන - සරලවනම් ඩොගී ස්ටයිල් එකට ඉන්න එක. ඒ වගේම මතක තියාගන්න මේ හැම වතාවකම - විශේෂයෙන් සෙක්ස් ටෝයිස් වගේ දේවල් භාවිත කරනවානම් ලිහිසිකාරකයක්, ඒ කියන්නේ අදාළ අවයවයේ වියළි ස්වභාවය නැති කරලා තෙත් ගතියක් දෙන ද්‍රව්‍ය භාවිතකිරීම හැම අතින්ම හොදයි. එහෙම දේවල් භාවිතය ස්වයං වින්දනය පහසු කරනවා වගේම අපි බලාපොරොත්තු නොවන හැගීම් උද්දීපනය කරන්නත් හේතු වෙනවා.



විශේෂයෙන් clitoral හෝ vaginal ස්වයං වින්දනය කරද්දි ස්වභාවික විදියට ඔයාගේ යෝනිය සහ ඒ අවට තෙත් වීම වෙන්නේ නැත්නම් අවම වශයෙන් කෙල හෝ පාවිච්චි කරන්න. අම්මෝ මේ ඔක්කොම කරන්න ඕනද කියලා හිතෙනවද? නිකන් නුහුරුයි වගේද? එහෙම හිතන්න එපා. මේ කිසිම දෙයක් නරක දේවල් නෙවෙයි - මේ හැම දේම ඔයාගේ ශරීරය ලෝකයේ කාටවත් කරදරයක් නොවී ඔයා ආසම විදියට සන්තර්පනය කරගැනීමේ උත්සාහයක අහිංසක කොටස් විතරයි. 



10. ගොඩාක් අය කරන වැරදි දෙයක් තමයි හරිම ඉක්මනට ස්වයං වින්දනය කරලා ඉවර කරගන්න එක. මේක පිරිමි ළමයින් අතර ගොඩාක්ම තියෙන දෙයක්. විනාඩි දෙකෙන් වැඩේ ඉවර කරගන්නවා. මගේ අදහස මේක අනාගතයේදි ගොඩාක් බරපතල ප්‍රශ්න ඇතිකරන දෙයක් කියන එක. ස්වයං වින්දනය කියන්නේ සෙක්ස් stimulation එකක් කියලා කිව්වනේ මුලින්ම. ඒ වගේම ඒක simulation එකක්. මොකද්ද simulation එකක් කියන්නේ? යම් සංකීර්ණ ක්‍රියාවලියක ප්‍රතිඵලය දැකගන්න ඒ සංකිර්ණ ක්‍රියාවලිය අනුකරණය කරලා හදපු සරල ක්‍රියාවලියක්. පයිලට්ලා වෙන්න ඉන්න අය දන්නවා එක පාරටම එයාලා ගුවන් යානයක් ඇතුලට දාලා හා පැදපන් කියන්නේ නෑ. ඒ වෙනුවට එයාලා flight simulator එකක ට්‍රේන් කරවනවා. මේ සිමියුලේටර් එකෙන් ලොකු අවදානමක් නැතිව ගුවන් යානයක් පැදවීම හුරු වෙන්න පුලුවන්. එතකොට ඔයා සිමියුලේටර් එක කරන විදියට තමයි දවසක ගුවන් යානය හසුරවන්නෙත්. මෙකද පුරුද්ද එන්නේ සිමියුලේටර් එකෙන්නේ. ඔය ජපානේ එහෙම ඩ්‍රයිවින් ලයිසන් එක දෙන්නත් සති තුනක් ඩ්‍රයිවින් සිමියුලේටර් එකක පුහුණු වෙන්න ඕනනේ. ඒ පුරුද්ද එච්චරට වැදගත්. දැන් මේ කතාවේ ෆ්ලයිට් සිමියුලේටර් කියන එකට ස්වයං වින්දනය කියන දේත් ගුවන් යානයක් පැදවීම කියන දේට ලිංගික එකතුවීම කියන දේත් ආදේශ කරලා හිතන්න. ඔයා ඉක්මනින් ස්වයංවින්දනය කරලා ඉවර කරන්න යොමු වෙනවා නම් පස්සෙ කාලෙක ඔයා ලිංගිකව හැසිරෙන ආකාරය නිර්වචනය වෙන්නෙත් ඒ කියන ඉක්මන ඇතුලෙමයි. තමන්ගේ ඇගේ අනෙත් කොටස්වලට ගොඩාක් වෙලා ආදරය දැක්වීම වෙනුවට ඔයා ටික ටික එක තැනක් විතරක් අතින් තෙරපගෙන ඉක්මනට එකක් කරගන්න යොමු වෙන්න පුලුවන්. මේක ඉතින් පස්සෙ කාලෙක ප්‍රශ්නයක් වෙයි. හිතන්න හබී කැමති ඔයාගේ ඇග හැමතැනම තොල්වලින් තෙමලා නිවී සැනසිල්ලේ ලොකු වැඩේට එන්න. ඒත් ඔයාට ඉවසිල්ලක් නෑ අතනට තෙරපීමක් පහරදීමක් වෙනකන්. තව එයා කැමතියි එයා ඔයාට කරන දේවල්ම ඔයාත් එයාට කරනවානම්. ඒත් ඔයාට ඒවාට වෙලාව නෑ. ඔයාට ඕන අතනටමයි. ප්‍රතිඵලය වෙන්නේ සේක්ස් ක්‍රියාවලිය ඇතුලේ ඔයා නොසන්සුන් වෙලා ඒක හරියට විදින්න අමතක වෙන එක. ඒ නිසා පුලුවන් තරම් ස්වයං වින්දනයට වෙලාව ගන්න. ගැහැණියකට ලිංගික තෘප්තියක් ලැබීම අදියර 05 ක් විදියට පෙන්නුවා මේ පෝස්ට් එක පටන් ගනිද්දිම. ඒකෙනුත් අදහස් වෙන්නේ හොද සුරාන්තයක් ලබාගැනීම කියන්නේ ශරීරයට යම් කාලයක් යන සංකීර්ණ ක්‍රියාවලියක්. දඩිබිඩියේ කරන්න පුලුවන් ඒත් කරාට වැඩක් තියෙයිද ? අඩුම තරමේ ඕකට පැය භාගයක් විනාඩි 45 ක් වත් ගන්න. මේක රේස් එකක් නෙවෙයි එන්ජෝයි කරන්න තියෙන දෙයක් කියන එක අමතක කරන්නම එපා. 


Bonus point එක - බෝනස් පොයින්ට් එක ඇත්තටම ගෑණු ළමයෙක්ට උපරිම සුරාන්තයක් ලැබෙන විදියට ස්වයං වින්දනය කරන්න පුලුවන් ටෙක්නික්ස් 03 ක්. පළවෙනි එක Scissors sisters කියලා ටෙක්නික් එකක්. මේක ජීවිතේ එකම එක පාරක් හරි ට්‍රයි කරලා බලන්න. මේක ඔයා ගොඩාක් ආස වෙන්න තියෙන චාන්ස් එක වැඩියි. කරන්නේ මෙහෙමයි. දබර ඇගිල්ල සහ මැදගිල්ල හදා ගන්න V අකුරක් විදියට. ඊට පස්සේ ඇගිලි දෙක පහලට හරවලා බාහිර යෝනි තොල් දෙක ඒ ඇඟිලි දෙකෙන් මැදි කරගන්න. දැන් මේ ඇගිලි දෙක තද කරගන්න ගමන් යෝනි තොල් දෙක මැදි කරගෙන උඩට පහලට ගෙනියන්න..ඒ ගෙනියද්දි ක්ලිට් එක තෙරපන්න ඒකත් මැදි කරගන්න මතක තියාගන්න.ඔයාගේ ඇගිලි දෙකට මැදි වෙලා යෝනි තොල් දෙක තැලිලා පොඩිවෙලා යන්න අරින්න. කරලා බලන්නකෝ. දෙවෙනි එක Princess and Pea කියන ටෙක්නික් එක. මේක භාවිත වෙන්නේ ක්ලිටෝරල් ස්වයං වින්දනයට. ඇගිලි තුඩ චුට්ටක් විතර තෙත් කරලා ගන්න. අරගෙන පුංචි බෝන්චි ඇටයක් (කොල්ලෝ කියන විදියට නම් මෑ ඇටයක්) ඇගිල්ලෙන් එහෙ මෙහෙ කරනවා වගේ ක්ලිට් එක එහා මෙහා කරන්න. ඊට පස්සේ ක්ලිට් එකේ කෙලවර ඇගිලි තුඩින් රවුමට අතගාන්න. ඔය දෙක සැරින් සැරේ කරන්න. තුන්වෙනි ටෙක්නික් එක තමයි wiggle ටෙක්නික් එක. ඇගිලි දෙකක් හෝ තුනක් තියාගන්න බාහිර යෝනි තොල් උඩ. තියලා තද කරගන්න...දැන් අත ඉවතට ගන්නේ නැතිව වේගෙන් අත මැණික් කටුව ලගින් හොලවන්න. ඕනනම් රිද්මයකට හොලවන්න සිරස් අතට දෙකක් ඊලගට තිරස් අතට තව දෙකක් වගේ. ඒ හෙලවෙන්න ඕන අර ඇගිලි දෙකත් ඒ ඇගිලි දෙකට යට වෙලා තියෙන යෝනියත් ඔක්කොම හෙලවෙන ගමන්. මේ ටෙක්නික් තුනම කරද්දි මුලින් අඩු වේගයකින් පටන් අරගෙන පස්සේ ඉවර කරන්න හදිස්සිය ආවම වේගෙන් කරන්න.


(උපුටා ගැනීම - Madhavi's Bedroom Talks ෆේස්බුක් පිටුවෙන්)


[ ... ]

Tuesday, May 18, 2021

යෝනිය ආශ්‍රිතව ඇතිවන පිලිකා


යෝනිය ආශ්‍රිතව ඇතිවන පිලිකා 

            යෝනිය යනු ස්ත්‍රින්ගේ බාහිර ලිංගික අවයව පිහිටි ප්‍රදේශයයි මෙහි ඇතිවන පිලිකා වර්ගය මදක්දුලබ පිලිකා වර්ගයකි නමුත් 100000 කට දෙදෙනෙකුට මෙම රෝගය වැලදෙන බව සොයාගෙන ඇත
එසේම මෙය වල්වල් කාසිනෝමා යනුවෙන් හැදින්වේ මෙම රෝගය සැදි‍මට නිශ්චිත හේතුවක් තවම
සොයාගෙන නැතත් පහත සදහන් සාධක ඇති අය රෝගය සැදිමට වැඩි නැඹුරුතාවයක් දක්වන බව
සොයාගෙන ඇත රෝගය සැදිමට අවදානම වැඩි කරන සාධක

සැලකිය යුතුයි

ස්භාවික රූප රාමු සහිතව දීර්ඝ ළිපිය .මෙය නැරඹීමට ලබාදෙනුයේ රෝගයකින් වැලකීමට දැනුවත් කිරීමක් මිස අසභය දෑ ප්‍රචාරය කිරීමට ගත් පහත් උත්සහයක් නොවනබව කාරුණිකව සලකන්න.යම් අයෙක් මේ රෝගය වැලඳීමට හසු නොවීම සඳහා මෙවැනි ළිපියක් ඉදිරිපත් කලේ
.
*****************************************************************************
  • මෙම රෝගය බහුලව සැදෙන්නේ වයස්ගත ස්ත්‍රින්ටයි - එනම් මෙය අර්ථවහරනයෙන් පසු ඇති වන පිලිකාවකි රෝගය සැදෙන මධ්‍යන්‍ය වයස අවුරුදු 60 කි
  • කළු ජාතිකයින්ට වඩා සුදු ජාතිකයින්ට රෝගය සැදිමේට වැ‍ඩි නැඹුරුවක් ඇත
  • තරබාරුකම දියවැඩියාව තිබිම අධිරුධිර පිඩනය තිබිම රෝගය සැදිමේ අවධානයට වැඩි කරයි
  • හියුමන් පැපිලෝමා වෛරසය අසාධනය වු අයට එනම් යෝනිය ආශ්‍රිතව ලිංගික ඉන්න් සැදුන අයට රෝගය සැදිමේ ඉතා වැඩි අවධනමක් පවති
  • එසේම ලිංගේන්දිය ආශ්‍රිතව ඇතිවන හර්පිස් රෝගය සිනිලිස් රෝගය සහ ලිම්ෆොග්‍රැයුයු‍ෙලාමා විනේරුම් නැමැති රෝග කලක් තිස්සේ පැවතිය අයටද රෝගය සැදිමේ අවධානම වැඩිය
  • යෝනිය ආශ්‍රිතව ප්‍රදේශය පිරිසිදුව තබා නොගැනිම දිර්ග කාලයක් තිස්සේ යෝනිය ආශ්‍රිතව පවතින කැසිම රෝගය සැදිමේ අවධානම වැඩි කරයි
යෝනිය ආශ්‍රිතව පිලිකා වල රෝග ලක්ෂණ 
යෝනිය ආශ්‍රිතව ඇති වන පිලිකා මුල්ම අවස්ථාවලදි හදුනාගැනිමෙන් සුව කල හැකි බැවින් එහි රෝග
ලක්ෂණ දැන සිටිම වැදගත්ය
යෝනිය ආශ්‍රිතව ප්‍රදේශයේ  අධික කැසිමත් ඇති විම රෝගයේ ප්‍රධානතම රෝග ලක්ෂණයයි නමුත්
ඇතැම් අවස්ථාවල රෝගය හදුනාගැනිමට හැකි වන්නේ යෝනිය ආශ්‍රිතව කලින් සාකඡාකල ස්ථානවලින්
එකක යම් ගෙඩියක් හෝ තුවාලයක්  තිබෙනු දැකිමෙනි
ඇතැම් අවස්තාවල පිලිකාවක් නිසා ඇති වන තුවාල වලින් දුර්ගන්ධවත් ස්‍රාව්‍යක් පිට‍විම හෝ රුධිරය
වහනය විම දැකිය හැකිය බොහෝ ස්ත්‍රින්ට මෙම පිලිකා ඇති වු විට මුත්‍රා කිරිමේ අපහසුතාවයක් දැකිය
හැකිය
සමහර අවස්ථාවල පිලිකාව මුත්‍රා නාලයටද පැතිර ඇත්නම් මුත්‍රා කිරිමේදි වේදනාවක් ඇති වේ  යෝනිය
ආශ්‍රිතව තුවාලයක් දක්නට ලැබෙයිනම් තුවාලය වටා ඉදිමි රතුවි තිබෙනු දැනගත හැකිය  ඉකිලිය අතගා
බැලු විට ඉකිලිය අ‍ාශ්‍රිතව ඇති වසා ගැටිති ඉදිම් තිබෙනු බව ඔබටම සොයාගත හැක නමුත් මෙහිදි මතක
තබා ගතයුත්තේ ඉකිලියේ කුද්දැටි ඉදිමිමට එකම හේතුව පිලිකා නොවන බවයි මන්ද යෝනිය ආශ්‍රිතව
ඇතිවන ඇතැම් අසාදන වලදිද වසාගැටිති ඉදිම්ය හැක 
රෝගය හදුනාගන්නේ කෙසේද

වෛද්‍ය වරයා විසින් ‍ යෝනිය ආශ්‍රිත ප්‍රදේශය පරික්ෂාකර එම තුවාලයෙන් හෝ ගෙඩියෙන් පටක කොටස්
ගෙන බයොප්සි පරික්ෂාවක් කිරිම මගින්.
යෝනිය ආශ්‍රිත පිලිකා පැතිරෙන්නේ කෙසේද 
මෙම  පිලිකාව හොදින් පරික්ෂා කිරිමෙදි පියවි ඇසට‍ දැක බලා ගත හැකිය එය වැඩිපුරම දැකගත හැකි
වන්නේ යෝනියේ ඉදිරිපසින් ඇති යෝනිවිවරය දෙපස ඇති කොටස් වලයි

බොහෝ අවස්ථාවල එක් පැතිතක පමනක් මෙය දැකගත හැකි වුවත් ඇතැම් අවස්ථාවල දෙපැත්තෙන්ම
දැකිය හැක මෙම පිලිකාව ඇතැම් අවස්ථාවල තුවාලයක් ලෙස දිස්වන අතර එම තුවාලයේ වටයෙන් ඉස්සි
එහි මැද කොටසේ කහ පැහැති සැරවා වැනිදේ දැක ගත හැක
නැතහොත් එය අසාමාන්‍ය වර්දනයක් ලෙස දැකගත හැකිය 
මෙම පිලිකාව පැතිරෙන්නේ කෙසේද
රෝගය වඩාත් සුලබ ලෙස පැතිරෙන්නේ වසා පද්ධතිය මගින් ‍රෝගය ඉතාමත් මුලික අවස්ථාවලදි වසා
ගැටිති කරා ගමන් නොකරයි
නමුත් ඉක්මනින් වසා ගැටිති කරා බෝවිම සිදුවේ ඉකිලි ආශ්‍රිතව ඇති වසා ගැටිති ඉදිමිම සුලභ ලෙස දැකිය
හැක අනතුරුව පිලිකාව ඉකිලියේ සිට යෝනි කුහරයේ ඇති වසාගැටිති දක්වා පැතිර යා හැකිය  බොහෝ
අවස්ථාවලදි පිලිකාව ඇති පැත්තේ පමනක් ඇති ඉකිලියේ කුද්දැටි ඉදිමිමක් වුවද ඇතැම් අවස්ථාවලදි
පිලිකාව එක් පැත්තක තිබුනද දෙපැත්තේම වසා ගැටිති ඉදිමි තිබෙනු දැකගත හැක 
මිට අමතරව පිලිකාව යෝනියේ සිට එය ඇවට ඇති අවයවයන් වන ගැබ් ගෙල යෝනි මාර්ගය ගුද මාර්ගය මුත්‍රා නාලය හා යෝනියේ ඇති අස්ථි කරා පැතිර යා හැක නමුත් මෙම පිලිකාව රුධිරය මගින් පැතිරේන්නේ ඉතා කලාතුරකිනි.

යෝනිය ආශ්‍රිතව ඇති වන පිලිකා වලට ප්‍රතිකාර තිබේද 
මෙම පිලිකා වර්ගය ඉතා ඉක්මනින් පැතිර යන දරුනු වර්ගයේ පිලිකාවක් බැවින් ඉතා ඉක්මනින්
හදුනාගෙන පුතිකාර කල යුතුය   
රෝගය කිසිදු ග්‍රන්ථියකට ගැටිත්තකට පැතිරි නැතිනම් රෝගය සම්පුර්නයෙන්ම සුවකිරිමේ හැකියාවක්
පවති නමුත් පිලිකාවේ ප්‍රමානය 1 මිමි කට වඩා විශාල නම් එය වසා ගැටිති වලට පැති‍රිමේ හැකියාව වැඩිය
එනිසා එවැනි කුඩා ප්‍රමානයේ පිලිකා වලට පවා මුළු යෝනියම ඉවත්කොට දෙපසට ඉකිලි වල වසාගැටිති
ඉවත් කිරිමේ සැත්කම සිදු කරනු ලැබේ 
නමුත් පිලිකාව ඉතාමත් කුඩා නම් පිලිකාව වටා 1 සෙන්ට් වටප්‍රමානයක් ඉවත් කරන සේ පිලිකාව පමනක්
ඉවත් කල හැකියනමුත් පිලිකාව ඉතා විශාල නම් අනිවාර්යයෙන්ම සම්පුර්නයෙන්ම යෝනිය ඉවත්කර
ඉකිලියේ වසාගැටිති ඉවත් කිරිම සිදු කල යුතුය 
මෙම ශල්‍යකර්මය රෝගයා නිර්වින්දනය කර සිදුකරන ශල්‍යකර්මයකි ශල්‍යකර්මයෙන් පසු යෝනිය ආශ්‍රිත ප්‍රදේශයට කරන්ට් ඇල්ලිම මගින් පිලිකා සෛල  තවදුරටත් මරා දැම්ය හැක නමුත් මෙම ශල්‍යකර්මය රෝගියාට ගැටළු රැසක් ඇත කරයි

එනම් ලිංගික ක්‍රියාවන්වල යෙදිමට නොහැකිවිම තම සිරුරේ කොටසක් අහිම්විම නිසා ඇතිවන සිත් තැවුල් මින් ප්‍රධානවේ

[ ... ]

Wednesday, May 2, 2018

පිරිමි ලිගුවේ පෙරසම හා ආශ‍්‍රිතව ඇතිවන ව්‍යාකූලතා [phimosis]




පිරිමි ලිගුවේ පෙරසම හා ආශ‍්‍රිතව ඇතිවන ව්‍යාකූලතා



ප්‍රධාන වශයෙන් දක්නට ඇත්තේ 
- පෙරසම ලිගුව ඉදිරියෙන් හැකිලී තිබීම (පසු පසට කල නොහැකිවීම.)
- පසු පසට වූ සම නැවත ඉදිරියට දැමිය නොහැකි වීම. 
- පෙර සම ආශ‍්‍රිතව ඇතිවන පිලිකා

පෙරසම ලිගුව ඉදිරියෙන් හැකිලී තිබීම (පසු පසට කල නොහැකිවීම) - මෙය phimosis ලෙස හදුන්වන අතර එය සාමාන්‍ය තත්වයක් නොවෙයි. මෙය බහුලව කුඩා ළමුන් අතර දක්නට ඇති අතර තරුණ අය අතරද දක්නට ලැබෙන අවස්තා ඇත.
මෙවැනි අවස්ථාවක ඇතිවන රෝග ලක්‍ෂණ මොනවාද?
- මුත‍්‍රා කරන විට ලිගුව කෙලවර බැලූනයක ආකාරයට පිම්බීම
- මුත‍්‍රා ඈතට විද නොයෑම හෝ බිංදු බිංදු වැටීම
- මුත‍්‍රා කිරීමට අධික ලෙස තැටමීම.
- නිතර නිතර මුත‍්‍රාවල විෂබීජ තත්ව ඇතිවීම. 
- සමහර අවස්ථා වලදී ලිගුව කෙළවරින් සුදු පැහැයට හෝ කහ පැහැයට දියරමය ද්‍රව්‍යකින් පිටවීම.
- විෂබීජ තත්ව ඇතිවීම. (ලිගුව කෙළවර රතු වී ඉදීමීම)
- වැඩිහිටියෙකුගේ නම් ලිංගික සංසර්ගයේදී දැඩි වේදනාවක් ඇතිවීම. 
- පිටුපසට වූ සම නැවත ඉදිරියට දැමිය නොහැකි වීම. 

ප‍්‍රථිකාර මොනවාද?
- මෙය වෛද්‍ය උපදෙස් ලබාගත යුතු තත්වයකි. 
- ඉතා කුඩා දරුවෙකුගේ නම් වෛද්‍ය වරයා විසින් පරීක්‍ෂා කිරීමෙන් පසු ශල්‍යකර්මයක් අවශ්‍ය වන්නේද නැතිද යන වග තීරණය කරුණු ලබයි. සමහර අවස්ථාවලදී පවතින ස්වභාවය අනුව ක‍්‍රීම් වර්ගයක් (ස්ටීරොයිඞ් සහිත) ආලේප කර සම පිටුපසට කිරීමට උපදෙස් දෙනු ඇත. මෙය දිනකට කිහිප වතාවක් කිරීමෙන් සමහර දරුවන්ගේ යථා තත්වයට පත්වේ. එසේ නොවන අවස්ථා වලදී ශල්‍යකර්මයක් මඟින් පෙර සම ඉවත් කිරීම වඩාත් යෝග්‍ය වේ.

මෙම ශල්‍යකර්මයේ අතුරු ආබාධ තිබේද?
විශේෂිත වූ අතුරු ආබාධ නොමැත. නමුත් ලිගුව කෙලවර කොටසෙහි ඇති සංවේදී බව අඩුවිය හැකි අතර එම කොටසට පහසුවෙන් තුවාල සිදුවීමේ හැකියාව ඇත.

පෙර සම ඉවත් කිරීමේ ශල්‍යකර්මයට පසු
- සාමාන්‍යයෙන් සුව වීමට සතියක් පමණ ගතවේ.
- ශල්‍යකර්මය කල දිනයේදීම හෝ පසුදින රෝහලින් පිටකරනු ලැබේ.
- මෙම ශල්‍යකර්මයට පසුදිනම ස්නානය කලහැක. අදාල ප‍්‍රදේශය ජලයෙන් සෝදා හැරිය හැකි වේ. 
- විෂ බීජ නාශක ක‍්‍රීම් වර්ගයක් ආලේප කර කුඩා ගෝස් කැබැල්ලකින් දිනපතා ආවර්ණය කර තැබිය හැක.
- එය තෙත් වී ඇත්නම් වහාම ඉවත් කල යුතුය. 

ශල්‍යකර්මය කිරීමට පෙර නිර්වින්දනය සිදුකෙරේද?

කුඩා දරුවන්ගේ මෙය කරන්නේ සම්පූර්ණයෙන් නිර්වින්දනය කිරීමෙනි. වැඩිහිටියන්ගේ මෙය හිරි වැට්ටවීමෙන් පසු කල හැක.

යම් හෙයකින් ලේ ගැලීමක් වුවහොත් කුමක් කල යුතුද?
ඉතා පිරිසිදු රෙදි කැබැල්ලකින් එතැන විනාඩි 10ක් පමණ තද කරගෙන සිටින්න. බොහෝ විට ලේ ගැලීම නවතී. එසේ නවතින්නේ නැතිනම් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය. 

ශල්‍යකර්මයට පසු වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුත්තේ කුමන අවස්ථාවේද?
- ලේ ගැලීම නැවතුනේ නැතිනම්
- සැරව ගැලීමක් ඇත්නම්
- සම්පූර්ණ ලිගුව රතුවී තිබේ නම් 
- එක දිගටම කැක්කුම පවතින්නේ නම් 

විශේෂයෙන් සැළකිය යුතු අවස්ථා
- දරුවන් නැහැවීමේ දී මෙන්ම ශරීර කෘත්‍යයන් කරගැනීමට නොහැකි වැඩිහිටියන් නැහැවීමේදී ද පෙර සම පිටුපසට කර එහි වූ සුදුපැහැති ද්‍රව්‍ය (Smegma) සෝදා හැරීම කල යුතුය. මෙය ලිගුව කෙළවර තෙත්ව තබා ගැනීමට දිනපතා ඇතිවන ස‍්‍රාවයක් වන අතර එසේ දිගටම එකතු වීමෙන් ඒමත විෂබීජ තත්ව ඇතිවීමට පුළුවන.
මෙම හේතුව නිසාම බොහොමයක් වැඩිහිටියන් රොහල් ගතවන අවස්ථා ඇත. මීට අමතරව මෙය මුත‍්‍රාවල විෂබීජ ආසාදන තත්ව ඇතිකිරීමටද හේතු පාදක වේ.
[ ... ]

Friday, August 21, 2015

ස්වයං පියයුරු පරීක්ෂාව පියවරෙන් පියවර රූප රාමු සහිතව

කාන්තාවක් මසකට වරක්වත් තමා විසින්ම තම පියයුරු පරීක්ෂා කර ගැනීමක් සිදු කළ යුතු අතර එහිදී පියයුරුවල කිසිදු වෙනස්වීමක් සිදුවී ඇත්ද හා පියයුරු පිළිකාවක ලක්ෂණ පහලවී ඇත්ද යන්න පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. මෙලෙස පරීක්ෂා කර ගැනීම ‘ස්වයං පියයුරු පරීක්ෂාව’’ නම් වේ.




පියයුරු පිළිකා වලක්වා ලිය නොහැක. නමුත් එය මූලික අවස්ථාවේදීම හඳුනාගත් විට සාර්ථකව ප‍්‍රතිකාර කළ හැක. ස්වයං පියයුරු පරීක්ෂාවක් සිදුකිරීම මගින් පියයුරුවල ඇතිවන වෙනස්කම් හඳුනා ගත් විට පිළිකාවක් යැයි සැක කල හැකි තත්ත්වයන් මූලික අවස්ථාවේදීම හඳුනා ගත හැක. එලෙසම හය මසකට හෝ වසරකට වරක්වත් සුදුසුකම් ඇති වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර ගැනීම හා කාන්තාවන්ගේ වයස අනූව අවශ්‍ය පරිදි මැමෙ‍්‍රා්ග‍්‍රෑම් පරීක්ෂණ සිදු කර ගැනීමද වැදගත්ය.


ඇමරිකානු පිළිකා සංගමය ට අනූව වයස 20 ක් හෝ ඊට වැඩි කාන්තාවක් මසකට වතාවක්වත් ස්වයං පියයුරු පරීක්ෂාවක් කර ගැනීම සුදුසු වේ. එ ්සඳහා වඩාත්ම යෝග්‍ය වනුයේ ඔසප්වීම සිදුවී සතියකට පමණ පසු එළඹෙන කාලයයි. මන්දයත් මේ කාලයේදී පියයුරු සාමාන්‍යයෙන් ගැටිති අවම හා ස්පර්ශයේදී අවම වේදනාවක් ඇතිවන කාලය බැවිනි. මාසික ඔසප්වීම සිදු නොවන කාන්තාවන් මාසයේ මතක තබා ගැනීමට පහසු දිනයක් තෝරා ගැනීම වැදගත්ය.

කාන්තාවක් ඇගේ පියයුරුවල ස්වභාවය පිළිබඳව දැන සිටීම ඉතාමත් වැදගත්ය. මන්දයත් එවිට වෙනස්වීමක් ඇතිවන විටම හඳුනා ගත හැකි වන නිසාවෙනි. කිසිදු සැකයක් ඇතිවන්නේ නම් තම වෛද්‍යවරයා හමු වී ඒ පිළිබඳව දැනුවත් වීම වැදගත් වේ.

ස්වයං පියයුරු පරීක්ෂාවේ පියවර 3 කි.




ප‍්‍රථම පියවර

මෙය ස්නානය සිදු කරන අතර තුරදී සිදු කිරීම පහසුය. මන්දයත් සබන් ගෑ විට මෙන්ම සම තෙත්වී ඇති විට පරීක්ෂාව පහසු වන බැවිනි.
පලමුව දකුණත හිස මුදුනින් තබා ගන්න. වම් අතේ දබරගිල්ල, මැදගිල්ල, වෙදගිල්ල යන ඇගිලි තුඩු වලින් දකුණු පියයුර පරීක්ෂා කර ගන්න. එහිදී කුඩා රවුම් ඇතිවන සේ පිරිමදිමින් මුළු පියයුරම ආවරණය වනසේ පරීක්ෂා කළ යුතුය. මෙය පියයුරේ පිටත දාරයේ සිට තන පුඩුව දක්වා සර්පිලාකාරව හෝ පියයුරේ ඉහල කෙලවරේ සිට පහල කෙලවර දක්වා සිදු කළ හැක.
කිහිලි ප‍්‍රදේශයේ සම හා කිහිල්ල හා පියයුර අතර සමද පරීක්ෂා කළ යුතුය. මෙය වැදගත් වන්නේ මන්දයත් පිලිකාමය ගැටිතිවලින් බොහෝමයක් හමුවන්නේ කිහිලි ප‍්‍රදේශයට ආසන්නව බැවිනි. අනතුරුව මෙලෙසටම වම් පියයුරද පරීක්ෂා කළ යුතුය.


දෙවන පියවර

මෙය ස්නානයෙන් පසුව සිදු කළ යුතුය. පලමුව කාන්තාව හාන්සිවීම (උඩුබැලි අතට) සිදු කළ යුතු අතර දකුණු අත හිස උඩින් තබාගෙන කොට්ටයක් හෝ යටත් දකුණු උරහිසට යටින් තබා ගත යුතුය. ඉන්පසු පියවර 1 හි පරිදිම පියයුර පරීක්ෂාව සිදු කළ යුතු අතර එයම වම් පියයුරටද සිදු කළ යුතුය.

තෙවන පියවර
මෙහිදී කණ්ණාඩියක් ඉදිරියේ සිට ගත යුතුය. මෙහිදී සමේ හෝ තණ පුඩුවේ අසාමාන්‍ය රතුවීමක් හෝ සමේ වියළි/පොතු ගැලවෙන ස්වභාවයක් තණ පුඩුවේ වෙනස්වීමක් උදා: ශ‍්‍රාවයක් ඇතිවීමක් තණ පුඩුව පියයුරේ ඇතුලට ගමන් කිරීමක් පියයුරේ වල ඉදිමිමක් සහිත ප‍්‍රදේශ ඇතිවිමක් පිළිබඳව විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුය. කාන්තාව ඇගේ දකුණත හිස පිටුපසින් තබාගෙන දකුණු පියයුරේ ඉහත ලක්ෂණ පිළිබඳව පරීක්ෂා කළ යුතුය. අවසානයට පියයුර මිරිකා (සෙමින්), ඉන් කිසිදු ශ‍්‍රාවයක් ඇතිවේද යන්න පරීක්ෂා කළ යුතුය. (කිරි දෙන මවක් නම් මෙහිදී මව් කිරි බිංදු පිටවීම සාමාන්‍යය) මේ අයුරින්ම වම් පියයුරද පරීක්ෂා කළ යුතුය.
ස්වයං පියයුරු පරීක්ෂාවේදී ගැටිතිමය ස්වභාවයක්, කිසිදු වෙනස්වීමක් හෝ ඉහත 3 පියවරේදී සඳහන් කළ අයුරින් වෙනස්වීමත් හඳුනා ගන්නේ නම් තම වෛද්‍යවරයා හමුවී පරීක්ෂා කර ගැනීම වැදගත්ය.
බොහෝ කාන්තාවන් පියයුරෙහි ගැටිති පිළිබඳව බියට පත්වුවත් බොහෝ විට එය පිලිකාමය තත්ත්වයක් නොවේ. එය බොහෝ දුරට ශ‍්‍රාවයක් එක්වීමක් හෝ පිලිකාමය නොවන ෙසෙල එකතුවක් විය හැක. සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර ගැනීම වැදගත් වන්නේ එබැවිනි.


ඔබ නැරඹිය යුතුම ළිපියක් යැයි මට සිතුන නිසා දොස්තර ඩොට් කොම් අඩවියෙන් මෙය උපුටා ගන්නා ලදී.
[ ... ]

රතිය යනු සරල සිංහලෙන් පුලුල්ව 18+




 
[ ... ]