ඉපැරණි ආයුර්වේදයේ ලිංගික ශක්තිය වඩවන ඖෂධ සහ ප්‍රතිකාර නැත්තේ මන්දැයි’ පසුගිය දිනෙක මගේ හිතවතෙක් අසා සිටියේය. එහිදී ඔහු කීයේ සාර්ථක යුග දිවියක් සඳහා ඉවහල්වන අඹු - සැමි සබඳතා සඳහා මනා පිටිවහලක් දෙන බටහිර ඖෂධ බොහොමයක් තිබෙන බවයි. ඒ අතින් මෙතරම් පැරණි ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ඒ සම්බන්ධයෙන් උනන්දුවක් පළ නොකරනුයේ මන්දැයි ඔහු මගෙන් විමසා සිටියේය.
සාර්ථක යුගදිවියක් සඳහා ඉවහල්වන මනා ලිංගික සබඳතාවයක් සඳහා යොදා ගන්නා බව පැවසෙන ‘කාමෝද්දීපක (Aphrodisiac)’පිළිබඳව ලොව පුරා ජනතාව තුළ මහක් කුතුහලයක් සහ උනන්දුවක් පවතී. විශේෂයෙන් පුරුෂ ශක්තිය වර්ධනය වීම සම්බන්ධ ආහාර, ඖෂධ සහ වෙනත් චිකිත්සක ක්‍රම බොහොමයක් ලොව පුරා පවතින බව නොරහසකි. අපගේ බටහිර වෙදකමේද එවැනි දේ ඇති බව පෙනේ.
මෙහිදී පුරුෂයන් සම්බන්ධයෙන් බලපවත්නා ‘ලිංගික බෙලහීනතා (Sexual Dysfunction)’ සේ සැලකෙන ප්‍රධානතම තත්ත්වයන් දෙකකි. එනම් ලිංගික අප්‍රාණිකත්වය සහ ක්ෂණික මෝචනය යන තත්ත්වයයි. මෙම තත්ත්වයන් කායික, මානසික සහ ඒ දෙයාකාරයේම හේතුමත පැනනැගිය හැකි බව මෙතෙක් සිදුකරන ලද සමීක්ෂණයන්ගෙන් තහවුරු වී තිබේ.
කල්ගත වූ දියවැඩියාව ඇතුළු අන්තරාසර්ග පද්ධතියට බලපාන රෝග තත්ත්වයන් නිසා මෙම ඉන්ද්‍රිය අප්‍රාණිකත්වය කායික වශයෙන් හට ගත හැකි අතර ඇතැම් ඖෂධයන්හි අතුරුඵල ආදී වෙනත් හේතූන් මත ද කායිකව මෙම තත්ත්වය බලපෑ හැක.
පිරිමින් තුළ පවතිනා ක්ෂණික මෝචනය නම් තත්ත්වයද පුද්ගලයාගෙන් පුද්ගලයාට සහ අවස්ථානෝචිත ලෙස වෙනස් විය හැකි අතර එය රෝගයක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ICD 10 සංග්‍රහයේ S 52.4අංකය යටතේ ලැයිස්තු ගත කොට ඇත.
ලිංගික ශක්තිය ඇතිවනුයේ මොළයේ ඇති වන අනුරාගී හැඟීම් මත පදනම් වන කායික මානසික ක්‍රියාකාරීත්වය අරමුණු කර ගනිමිනි. එය මොළයේ හෝමෝන ක්‍රියාකාරීත්වය මත පදනම් වන්නකි. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට අඩුවැඩි වශයෙන් බලපාන තත්ත්වයකි.
එහෙත් ලිංගිකත්වයට බලපාන ද්විතීක සාධකය වන කායික මානසික උත්ඡේදන සඳහා ඉපැරණි ආයුර්වේද ඖෂධ මගින් ප්‍රගතිශීලී බලපෑමක් සිදු කළ හැකි බව මේ වන විට බටහිර ඖෂධ නිෂ්පාදකයන්ට පවා අනාවරණය වී තිබේ එබැවින් Herbal යන වචනය භාවිත කරමින් බටහිර ඖෂධ වෙලදපොල ආක්‍රමණය කරමින් සිටී. ඒ ඇතැම් බටහිර ඖෂධ හුදෙක් කාමෝද්දීපනය අරමුණුකොට නිශ්පාදනය වූ ඒවා නොවේ. වෙනත් රෝගාබාධ සඳහා නිශ්පාදනය වන ලදුව එහි අතුරු ඵලයක් වශයෙන් අන්තරාසර්ග පද්ධතිය උත්තේජනයට ලක් කෙරෙන ඒවාය. නිදසුනක් ලෙස ‘පුප්පුසීය රුධිර පීඩනය(Pulmonary Hypertension)’ සඳහා දෙනු ලබන ඇතැම් ඖෂධයක අතුරුපලයක් ලෙස පුරුෂ ඉන්ද්‍රිය ප්‍රාණවත්වීම කෙරෙහි යම් බලපෑමක් සිදුවන බව සොයා ගෙන තිබේ. ඉන්පසු එය ලොව පුරා එවන් තත්ත්වයෙන් පෙළෙන්නවුන් සඳහා ඖෂධයක් ලෙස නියමකරන ලදී. එහෙත් එම ඖෂධ හුදෙක් වෛද්‍ය නියමයන්ට පටහැනිය, ඒවා පාරිභෝජනය නොකර සිටීම යහපත් වේ නැතහොත් ප්‍රථිපල අති බිහිසුණු විය හැක.
එමෙන්ම ඇතැම් ආතති විරෝධී ඖෂධ (Antidepressants)නීරෝගී පුද්ගලයන්ට ලබාදීමේදී අනුරාගී පිබිදීම් වල ඇතිවන පසුගාමී බව මුල්කොට ක්ෂණික මෝචනයට අනියම් ප්‍රතිකාරයක් ලෙස එය ද යොදා ගන්නා අවස්ථා බටහිර වෛද්‍ය ක්‍රමයේ තිබේ. ඒ හැරුණු කොට ශරීරයේ විවිධ ප්‍රදේශ සඳහා ගල්වන නිර්වින්දක ඖෂධ (Anesthetic) ඇතැම් වේදනා නාශක ආදිය යොදා ගැනීමෙන් ඇතිවන ස්නායු සංවේදීතාව අවම වීම මෙම ක්ෂණික මෝචන තත්ත්වයට පිළියම් වශයෙන් සමහරු බටහිර වෙදකමේ යොදති. ඒ එමගින් ලිංගික කාරියේ දී ඇතිවන සතුට සඳහා පදනම් වන ඉන්ද්‍රීය සංවේදීතාව අඩුවන නිසාය.
ඒ කෙසේ හෝ ඉහත සඳහන් කළ පරිදි කායික, මානසික සහ දෙයාකාරයේම පුරුෂ ලිංගික බෙලහීනතා දුරළීම සම්බන්ධයෙන් විද්‍යාත්මක වශයෙන් සායනිකව තහවුරු කළ ප්‍රතිකාර ආරුර්වේද වෛද්‍ය විද්‍යාව සතුව ඇති අතර බොහෝ දුරට විකල්ප වෛද්‍ය ක්‍රම තුළ ඇත්තේ තාවකාලික මුක්කු ගැසීම් වර්ග පමණි.
එහෙත් මා ඉහත සඳහන් කළ අන්දමට ලිංගික ශක්තිය බොහෝදුරට මානසිකත්වය මත පදනම් වන බැවින් එම ඖෂධ වලින් තමන් තුළ ලිංගික ශක්තිය වැඩිවෙතැයි ඇතිවන හැඟීම් මත පදනම් වන ‘තුෂ්ටක බලපෑම (Placebo effect)’ නිසාද ඉන් සාධනීය ප්‍රතිපල ලැබෙන අවස්ථා තිබීමට පුලුවන.
බටහිර වෛද්‍ය විද්‍යාව සතුව පවතින ලිංගික උත්තේජක ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ නොමැති බවට ජන විශ්වාසයක් ඇති වී ඇත්තේ ඒ නිසාය.
0 comments:
Post a Comment